Monday, May 13, 2024

General line - 0115112241

බේරුවල රිය අනතුරකින් පොලිස් කොස්තාපල්වරයෙකු මරුට




ගාල්ල කොළඹ මාර්ගයේ බේරුවල සපුගොඩ ප‍්‍රදේශයේදි සිදුවූ රිය අනතුරකින් පොලිස් කොස්තාපල්වරයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. 29 හැවිරිදි ඔහු බෙන්තර ප‍්‍රදේශයේ පදිංචිකරුවෙක්. 

ඔහු කලූතර උතුර පොලිස් ස්ථානයට අනියුක්තව සේවය කළා. මෙම පොලිස් කොස්තාපල්වරයා පැදවූ යතුරු පැදිය ටිපර් රථයක ගැටීමෙන් අනතුර සිදුවුණා. ඒ අදාළ ටිපර් රථය පසුකර යාමට උත්සහ දැරූ අවස්ථාවේදීයි. සිද්ධිය සම්බන්ධයෙන් ටිපර් රථයේ රියදුරා අත්අඩංගුවට ගෙන තිබෙනවා.