Monday, May 13, 2024

General line - 0115112241

බන්ධනාගාරයේ සිටින අර්ජුන් ඇලෝසියස් සහ කසුන් පලිසේනට ලිපි දෙකක්

ලහිරු කපුගේ




පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ එහි ප‍්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන වෙත, කැෆේ සංවිධානය විශේෂ ලිපියක් යොමු කළා. ඒ, මුදල් ලබාගත් දේශපාලඥයින් පිළිබඳ තොරතුරු හෙළි කරන ලෙසයි. 

එම සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂ කීර්ති තෙන්නකෝන් කියා සිටියේ ගෞරාවින්විතව දේශපාලනයේ යෙදෙන ඇතැම් මන්ත්‍රීවරුන්ද මේ හේතුවෙන් අපහසුතාවයට පත්ව ඇති බවයි. මේ හේතුවෙන් මුදල් ලබා ගත් පුද්ගලයින් ගැන කතානායකවරයාට හෝ හෙළිකරන මෙන් ඉල්ලා මෙලෙස කටයුතු කරන බවයි.

බැදුම්කර වාර්තාවේ තොරතුරු ලබා ගැනීම අසීරු වීම නිසා එහි සත්‍ය තත්ත්වය දන්නා පුද්ගලයින් දෙදෙනා වන අර්ජුන ඇලෝසියස් සහ කසුන් පලිසේන විසින් එලෙස මුදල් ලබා දුන් අය ගැන තොරතුරු කතානායකවරයාට හෝ හෙළිකරයි යන්න ගැන තමන් බලාපොරොත්තු වන බව මෙහිදී ඔහු කියා සිටියා.
 

අදාළ ලිපිය මගින් කැෆේ සංවිධානය අර්ජුන් ඇලෝසියස්ගෙන් සහ කසුන් පලිසේනගෙන් ඉල්ලා සිටින්නේ 2015 මාර්තු 31 වනදා සිට 2016 දෙසැම්බර් 31 දක්වා කාලය තුළ ලබාදුන් මුදල් හෝ ප‍්‍රදානයන් පිළිබඳ තොරතුරු ලබාදෙන ලෙසයි.