Sunday, May 12, 2024

General line - 0115112241

තවත් දෙදෙනෙක් ඇලෝසියස්ගේ 118න් හැලෙති

සජිත් තිලකරත්න/හේරත් ඒකනායක/කාංචන කුමාර




පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමේ මුදල් ලබාගත් බව කියන 118දෙනා අතරට තමන් අයිති නොවන බව තවත් දෙදෙනෙකු අද (03) ප‍්‍රකාශ කළා.

ඉන් එක් අයෙකු වන්නේ අමාත්‍යවරයෙකු වන එම් එච් ඒ හලීම් කියා සිටියේ අර්ජුන් ඇලෝසියස් ගේ පියා තමන් දන්නා අයෙක් බවත් ඒ හැරෙන්නට කිසිදු අවස්ථාවක තමන්ට අර්ජුන් ඇලෝසියස් ගෙන් දුරකථන ඇමතුමක් හෝ තමන්ට නොලැබුණු බවයි.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී කෙහෙලිය රඹුක්වැල්ල ද ඊට ප‍්‍රතිචාර දක්වමින් කියා සිටියේ තමන් අර්ජුන් ඇලෝසියස් ගැන තමන් දැන ගත්තේ ඔහුව අධිකරණයට රැගෙන යන මොහොතේදී බවත් ඊට අමතරව ඔහුගෙන් කිසිදු උපකාරයක් තමන් ලබා නොගත්තා සේම ලබා ගැනීමට අදහසක් නැති බව කියා සිටියා. දැනට චෝදනා එල්ලවී ඇති මන්ත්‍රීවරු 118 දෙනා හේතුවෙන් අනෙක් මන්ත්‍රීවරුන්ටද චෝදනා එල්ල වන බැවින් නිර්දෝෂී මන්ත්‍රීවරුන් මේ තත්ත්වයෙන් ගලවා ගැනීම කථානායකවරයා කටයුතු කල යුතු බවද ඔහු කියා සිටියා.

මේ අතර රාජ්‍ය අමාත්‍ය පාලිත රංගෙ බණ්ඩාර අර්ජුන් ඇලෝසිටස්ගෙන් මුදල් ලබාගත් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් පළ කළේ 2020 මැතිවරණයේදී එලියට ඇද දමන ලෙසත් එය ජනතා වගකීමක් බවද කියා සිටි අතර තමන්ගේ දෑත් පිරිසිදු බවද ඇමතිවරයා මෙහිදී කියා සිටියා.

මුදල් ලබාගත් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය මර්වින් සිල්වාද අද අදහස් පළ කළා. 

ඔහු මේ බව කියා සිටියේ කැකිරාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.