Wednesday, May 15, 2024

General line - 0115112241

පෞද්ගලික අංශයට පැනවූ බදු ගැන යළිත් සාකච්ඡා කරයි

හේමන්ත කහවලගේ/පසන් වික්‍රමතිලක




නව බදු හඳුන්වාදීම හරහා පැන නැගී ඇති ගැටළු සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී ඊයේ (04) සාකච්ඡා වී තිබෙනවා.

එය ඊයේ පස්වරුවේ පැවැත්වුණේ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේයි.

එහිදී සාකච්ඡාවට ලක් වූ කරුණු පිළිබඳ පාර්ලිමේන්තු මන්ත‍්‍රී කාවින්ද ජයවර්ධන නෙත් නිවුස් වෙත මෙලෙස කරුණු දැක්වූවා. 

"එක්සත් ජාතික පක්ෂයේත් එක්සත් ජාතික පෙරමුණේත් පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම තමයි මේ විදිහට අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත් වුණේ. මෙරට මත් උවදුර ගැන වැඩි අවධානයක් යොමු කළා. සීඝ්‍රයෙන් වැඩි වෙමින් ඇති මෙම තත්ත්වයට නව නීති සම්පාදනය කරන්න සාකච්ඡා කළා. ඒ වගේම පෞද්ගලික අංශයට නව බදු හඳුන්වාදීම හරහා පැන නැගී ඇති ගැටලු ගැන සාකච්ඡා කළා. අවශ්‍යකරන සහන ලබා දීමත් ඒ ප්‍රශ්න නිරාකරණය කිරීමත් ගැන මුදල් ඇමතිතුමා කරුණු දැක්වූවා. තවදුරටත් පක්ෂයේ සහ ආණ්ඩුවේ වැඩ පිළිවෙල ගැන සාකච්ඡා කළා."