Wednesday, May 15, 2024

General line - 0115112241

හේම නලින්ගේ මරණය ගැන පොලිස් පරීක්ෂණ




ප්‍රවීණ රූපවාහිනී මාධ්‍යවේදී හේම නලින් කරුණාරත්නගේ මරණය සිදුවූ  ආකාරය සම්බන්ධයෙන් මේ වනවිට පොලිස් පරීක්ෂණයක් ක්‍රියාත්මක වෙනවා.

ජනපි‍්‍රය රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකු වු හේම නලින් කරුණාරත්න මහතා අභාවප‍්‍රාප්ත වි ඇත්තේ මාළඹේ මිල්ලගහවත්ත 3වන පටුමගේ පිහිටි ඔහුගේ නිවසේදීයි. මියයන විට ඔහු 55වන වියේ පසුවුණා. 

පෙරේදා (04) රාති‍්‍රයේ සිට ඔහුගේ නිවසේ කාමරයේ දොර විවෘත නොකළ බැවින් ඒ පිළිබඳ ඊයේ (05) දහවල් නිවැසියන් සොයා බලා තිබෙනවා. එම අවස්ථාවේදී ඔහුගේ මෘත ශරීරය දැක ඇති බවටයි නිවැසියන් පොලීසියට දැනුම් දී තිබුණේ.

හේම නලින් විවාහකයෙකු වන අතර දරු දෙදෙනෙකුගේ සෙ‍නෙහෙබර පියෙකු  සහ ඉරේෂා කරුණාරත්නගේ ආදරණීය සැමියායි.