Sunday, May 19, 2024

General line - 0115112241

මෙවර ශිෂ්‍යත්ව විභාගය වෙනුවෙන් රට පුරා ක්‍රියාත්මක දෙවන පෙරහුරුව අද - ඔබටත් එක්වීමට අවස්ථාව




මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දෙන දරුවන් වෙනුවෙන් නෙත් එෆ්. එම්. රේඩියෝවේ grade5.lk මගින් පවත්වන දෙවන සජීවී පෙරහුරු විභාගය අද (13) පැවැත්වෙනවා.

ප‍්‍රවීණ දේශක සරත් ආනන්ද ගුරුතුමා විසින් මෙවර ප‍්‍රශ්න පත‍්‍රය සකසා තිබෙනවා.

අද සවස 6.00 සිට රාත‍්‍රී 9.00 දක්වා දිවයිනේ  ඕනෑම තැනක සිට සහභාගී විය හැකි පරිදි පැවැත්වෙන මෙම විභාගයේ ප‍්‍රශ්න පත‍්‍ර කට්ටල වෙන්කරවා ගැනීම දැන් සිදු කල හැකියි.

ඕනෑම ස්මාර්ට් දුරකථනයකින් grade5.lk ඇප් එක ඩවුන්ලෝඩ් කරගැනීම හෝ grade5.lk වෙබ් අඩවිය වෙත පැමිණ ලියාපදිංචි වී ප‍්‍රශ්න පත‍්‍ර කට්ටලය වෙන් කරවා ගැනීමට අවස්ථාව සලසා තිබෙනවා.

ඒ පිළිබඳ වැඩි විස්තර 070 300 11 55 දුරකථන අංකයෙන් ලබා ගත හැකියි.

අද පැවැත්වෙන සජීවී විභාගයෙන් ඉහළම ලකුණු ලබා ගන්නා සිසුවාට Kinder Joy වෙතින් වටිනා ත්‍යාගයක්ද හිමි වනවා.

මෙවර ඊ ස්වාභිමානී සම්මාන උළලේදී වසරේ හොඳම අධ්‍යාපනික යෙදවුමට හිමි රන් සම්මානය දිනා ගනු ලැබුවේද grade5.lk වෙබ් අඩවියයි.