Sunday, May 19, 2024

General line - 0115112241

තනතුරු අරගෙන නිහඬ වුණොත් වෙන දේ එජාප පසුපෙළ මන්ත්‍රි කියයි

සමන්ත කුමාර/ පසන් වික්‍රමතිලක




පක්ෂය සහ ආණ්ඩුව නිවැරදි මාවතේ ගමන් කරවීමේ එක්සත් ජාතික පක්ෂ පසුපෙළ මන්ත‍්‍රීවරුන්ගේ භූමිකාව තවමත් අවසන් වී නොමැති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී චමින්ද විජේසිරි පවසනවා.

පසුපෙළ මන්ත‍්‍රීවරුන් පිරිසකට ඊයේ (12) රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍ය ධුර හිමිවීම සම්බන්ධයෙන් නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී මන්ත‍්‍රීවරයා මේ බව කියා සිටියා.

ඇතැම් පාර්ශ්ව පෙන්වා දුන්නේ පසුපෙළ විරෝධය සමනය කිරීම සඳහා මෙම නව පත්කිරීම් සිදු කර ඇති බවයි. මෙම තීරණයත් සමග එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ භූමිකාව අවසන් වේදැයි නෙත් නිවුස් චමින්ද විජේසිරි මන්ත‍්‍රීවරයාගෙන් මෙහිදී ප‍්‍රශ්න කළා.

ඊට පිළිතුරු දුන්  චමින්ද විජේසිරි මන්ත‍්‍රීවරයා සඳහන් කළේ "පසුපෙළේ වැඩ ඉවර නෑ. අපේ භූමිකාව.. ජවනිකාව කරගෙන යනවා. ඒක වලක්වන්න බෑ. මේ වෙලාවේ ඔය වරප්‍රසාද ටික අරගෙන කවුරු හෝ නිහඬ වෙනවා නම්..එයාගේ දේශපාලන ගමන එතනින් ඉවරයි. පක්ෂයේ සාමාජිකයෝ බලාගෙන ඉන්නවා..පක්ෂය හරි තැනකට ගෙනල්ලා.. රට හරි තැනකට ගෙනියන්නේ කවුද කියලා. ඉතින් කවුරු හරි මේ වරප්‍රසාද අරගෙන නිහඬ වෙනවා නම්  වෙනස් වෙනවා නම්..කාගේ හෝ කීමට යටත් වෙනවා නම් ඔවුන්ට ඊළඟ මැතිවරණය තුළ ඒ ආනිසංස ලබා ගන්න පුළුවන්." යනුවෙනි.

කල්ගත වී හෝ සිය පක්ෂයේ පසුපෙළ මන්ත‍්‍රීවරුන් පිරිසකට රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍ය ධුර හිමිවීම සම්බන්ධයෙන් සතුටට පත්වන බවද පාර්ලිමේන්තු මන්ත‍්‍රී චමින්ද විජේසිරි වැඩිදුරටත් කියා සිටියා. 

පසුගිය කාල සීමාවේදී එක්සත් ජාතික පක්ෂ නායකත්වය විවේචනයට ලක් කළ රංජිත් අලූවිහාරේට ද රාජ්‍ය අමාත්‍ය ධුරයක් හිමි වුණා. ඔහු දිවුරුම් දුන්නේ සංචාරක සංවර්ධන හා ක‍්‍රිස්තියානි ආගමික කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙසයි.