Sunday, May 19, 2024

General line - 0115112241

තැපැල් වර්ජනයට තවත් පාර්ශ්වයක් එක් වෙයි

සමන්ත කුමාර/ පසන් වික්‍රමතිලක




තැපැල් සේවකයින් ආරම්භ කළ වැඩ වර්ජනය තවදුරටත් ක‍්‍රියාත්මක වනවා.

ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ කැඳවුම්කරු චින්තක බණ්ඩාර පැවසුවේ වැඩ වර්ජනයට එක් නොවූ ශ‍්‍රී ලංකා තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය ද ඊයේ (12) රාත‍්‍රියේ සිටි වර්ජනයට එක්ව ඇති බවයි. 

වර්ජනය හේතුවෙන් මේ වනවිට ලිපි ලක්ෂ 10කට අධික ප‍්‍රමාණයක් තැපැල් කාර්යාවල සිරවී ඇතැයි අනුමාන කෙරෙන බවද මෙහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණා.