Sunday, May 19, 2024

General line - 0115112241

දක්ෂිණ අධිවේගී මාර්ගයේ බස් රථයක් පෙරළෙයි (PHOTOS)

රාහුල් සමන්ත හෙට්ටිආරච්චි




දක්ෂිණ අධිවේගී මාර්ගයේ 121 වන කිලෝමීටර් කනුව අසලදී ගොඩගම දක්වා ධාවනය වෙමින් තිබු බස් රථයක් පෙරලීයාමෙන් අනතුරක් සිදු ව තිබෙනවා.

අද (13) අලුයම 5.30ට පමණ මෙම අනතුර සිදුව ඇති අතර ඉන් බස් රථයේ සිටි පුද්ගලයින් පස්දෙනකු තුවාල ලබා මාතර මහා රෝහලට ඇතුලත් කෙරුණා.

කොක්මාදුව හා ගොඩගම අතර 121 වන කිලෝමීටර් කනුව අසලදී මෙම අනතුර සිදුවී ඇති අතර අදාළ බස් රථය මගීන් ප්‍රවාහන බස් රථයක් නොවන බවත් වෙනත් පිරිසක් ගමන් ගත් බස් රථයක් බවත් අධිවේගී මාර්ගයේ ගොඩගම පොලිස් ඒකකය සඳහන් කළා.

අනතුරට හේතුව සොයා පරීක්ෂණ සිදු කෙරෙනවා.