Sunday, May 19, 2024

General line - 0115112241

අලුයම හමා ගිය සුළඟින් නගරයකට වෙච්ච දේ (PHOTOS)

රාහුල් සමන්ත හෙට්ටිආරච්චි




අම්බලන්තොට හුංගම ප්‍රදේශයට අද (13) අලුයම 2.30 පමණ  හමාගිය තද සුළඟක් හේතුවෙන් හුංගම නගරයේ හා ඒ ආසන්නයේ  වෙළද සැල් හා නිවාස 20 ට අධික ප්‍රමානයක් සඳහා අලාබ හානි සිදුවී තිබෙනවා.

හම්බන්තොට දිස්ත්‍රික් අපදා කළමනාකරණ ඒකකය පවසා සිටියේ සිදු වූ හානි පිළිබඳ නිරීක්ෂණය කරමින් සිටින බවයි. 

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඊයේ රාත්‍රීයේ සිට ඇදහැළුණු වර්ෂාව සමග හුංගම නගරය තුළ මේ ආකාරයෙන් තද සුළං තත්ත්වයක් ඇති වී තිබෙනවා. එය ටොනාඩෝ තත්ත්වයක්ද  යන්න සැකකරන බවයි හම්බන්තොට අපදා කළමනාකරණ ඒකකය පවසා සිටියේ.

මෙම සුළං  තත්ත්වය මීටර 200ක් පමණ දුරකට විහිදී ගොස් ඇති අතර මේ හේතුවෙන් ප්‍රදේශයේ ගස් කඩා වැටී නිවාසවලට අලාභහානි සිදුවී තිබුණා. 

එමෙන්ම මාර්ග හරහා ගස් කඩා වැටීම හේතුවෙන් විදුලි රැහැන්වලට ද අලාභ හානි සිදු වී ප්‍රදේශය තුළ විදුලිය විසන්ධි වී තිබුණා.

‍හුංගම පොලීසිය හා ප්‍රදේශයේ ජනතාව එක්ව මාර්ගයට වැටී තිබූ ගස් ඉවත් කර අවහිර වී තිබු මාර්ග යළි සකස් කිරීමට කටයුතු කළා.  පෙරවරුවේ නගරය සුන්බුන් ගොඩක් සේ දිස් වූ බවයි අප වාර්තාකරුවන් පෙන්වා දෙන්නේ.