Sunday, May 19, 2024

General line - 0115112241

රන් මාල කොල්ලකෑ සිද්ධිය යළිත් මතු වෙයි - ඥානසාර හිමි අධිකරණයට

අධිකරණ වාර්තාකරු




පුද්ගලයින් දෙදෙනෙකුගේ රන් මාල දෙකක් කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් බොදු බල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩ අත්තේ ඥාණසාර හිමි ඇතුලු චුදිතයින් 13 දෙනෙකු කොළඹ මහාධිකරණය විසින් අධි චොදනා 11 කින් නිදොස් කොට නිදහස් කිරීමට ගත් තීන්දුව අභියෝගයට ලක් කරමින් නීතිපතිවරයා ගොනු කළ අභියාචන පෙත්සම අද (13) දින අභියාචනාධිකරණයේ දී කැඳවනු ලැබුවා.

2008 වර්ෂයේ තලාහේන ප්‍රදේශයේ පල්ලියකට පහර දී එහි සිටි පුද්ගලයින් දෙදෙනෙකුගේ රන් මාල කොල්ලකෑ බවටයි මෙහිදී චෝදනා එල්ල වී තිබුණේ.

ගලගොඩ අත්තේ ඥනසාර හිමියන් ඇතුළු වගඋත්තරකරුවන් අද (13) දින අභියාචනාධිකරණයේ පෙනී සිටි අතර මෙම නඩුව යළි නොවැම්බර්  මස 23 වැනි දා කැඳවීමට නියමිතයි.

මෙම චෝදනා සම්බන්ධයෙන් නිසි ලෙස සාක්ෂි නොවිමසා මහාධිකරණය චුදිතයින් 2014 අප්‍රේල් මස 02 වැනිදා නිදොස් කොට නිදහස් කිරීමට කටයුතු කර ඇති බවට  නීතිපතිවරයා චෝදනා කරනවා.