කතරගම කිරි වෙහෙර රාජ මහා විහාරාධිපති කොබවක ධම්මින්ද හිමියන් මේ වනවිට කොළඹ පිහිටි පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිනවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (15) උන්වහන්සේගේ සුව දුක් බැලීමට පැමිණියා.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, කතානායක කරූ ජයසූරිය, බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා ඇතුළු පක්ෂ විපක්ෂ දේශපාලඥයින් රැසක් උන්වහන්සේගේ සුවදුක් බැලීමට රෝහල වෙත පසුගිය දිනවල පැමිණියා.
පසුගිය 12දා රාත්‍රියේ කිරිවෙහෙර නැමද ආපසු එමින් සිටියදී උන් වහන්සේ සහ තවත් හිමිනමක් වෙඩි ප්‍රහාරයට ලක්වුණා. මහසෙන් දේවාලයට සම්බන්ද ආරවුලක් හේතුවෙන් මෙම වෙඩි ප්‍රහාරය සිදුකොට ඇතිබවයි අණාවරණය වී තිබෙන්නේ. මහසෙන් දේවාලයේ අයිතිය සම්බන්ධයෙන් පැවති නඩු විභාගයකට හම්බන්තොට මහාධිකරණය විසින් දුන් තීන්දුවකට අනුව පසුගිය මැයි 17දා දේවාලයේ භාරකාරීත්වය කිරි වෙහෙර රාජමහා විහාරයට පැවරුණා.