වසරක බරපතල සිර දඬුවම් හිමිව සිටින ගලගොඩ අත්තේ ඥාණසාර හිමියන් නිදොස්කොට නිදහස් කරන ලෙස ඉල්ලා, බොදු බල සේනා සංවිධානය නීතීඥයින් මාර්ගයෙන් අභියාචනාධිකරණය වෙත අභියාචනයක් ඉදිරිපත්කර තිබෙනවා.
------------------------------------
ඥාණසාර හිමිගේ දඬුවම ලිහිල් කෙරේ
15-06-2018 12:19
මාස 6 ක බරපතල වැඩ සහිතව සිරදඩුවමක් නියමූ වූ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට බන්ධනාගාරයෙන් සහනයක් හිමි වී තිබෙනවා. ඒ, බරපතල වැඩවලින් ඉවත් කර සාමාන්‍ය සිරකරුවෙකු සේ සිටීමටයි.
උන්වහන්සේට හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාදුන් තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීම හේතුවෙන් එම සහනය හිමිවන බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණිය නෙත් නිවුස් වෙත කියාසිටියේ.
මේ අතර දින තුනක් යනතුරු තමන් වහන්සේ බැලීමට බන්ධනාගාරයේ කිසිවෙකුත් නොපැමිණෙන ලෙසට පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් බන්ධනාගාර නිලධාරීන්ට දන්වා තිබෙනවා. උන්වහන්සේ පරීක්ෂා කිරීමට අද (15) පෙරවරුවේ වෛද්‍යවරුන් යාමට උත්සාහ කළද එය ද ප්‍රතික්ෂේප කර තිබෙනවා.
සබැඳි පුවත් මෙතනින් කියවන්න