Sunday, January 5, 2025

General line - 0115112241

තැපැල් වර්ජනය ගැටළුවක් නොවේ! විභාග ගාස්තු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගෙවන්න

දිල්ෂාන් තුෂාර




තැපැල් සේවකයින් ආරම්භ කර ඇති වර්ජනය හේතුවෙන් සියලූ විභාගවලට අදාළ ගෙවීම් ප‍්‍රාදේශීය මහ ලේකම් කාර්යාලවලට ගෙවිය හැකි බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත පවසනවා.

තැපැල් සේවකයින් ආරම්භ කර ඇති වර්ජනය හේතුවෙන් දඩ මුදල් ගෙවීමද ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා සිදු කළ හැකි බවයි පොලීසිය පැවසුවේ. ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් තැපැල් සේවකයින් ආරම්භ කළ මෙම වර්ජනයට අදට දින 5ක් ගත වී තිබෙනවා.

බලධාරීන්ට විරෝධය පා ලබන 18 වනදා කොළඹදී දැවැන්ත විරෝධතා පා ගමනක්ද සංවිධාන කරන බවයි ඒකාබද්ධ තැපැල් සේවා වෘත්තීය සමිති පෙරමුණේ කැඳවුම්කරු චින්තක බණ්ඩාර පැවසුවේ.