Sunday, January 5, 2025

General line - 0115112241

හිටපු ජනපති ආණ්ඩු පෙරළියක් ගැන මහනුවරදී කියයි

හෙරත් ඒකනායක - මහනුවර




ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය සමග ඉදිරියේදී එක්ව කටයුතු කිරීම පිළිබදව එ්කාබද්ධ විපක්ෂය මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බව හිටපු ජනාධීපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. මහනුවරදී මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් හිටපු ජනාධිපතිවරයා මේ බව ප‍්‍රකාශ කළා.

කතාබහට ලක්ව ඇති තමන් අගමැති කරවීමේ සැලසුම පිළිබදවද මාධ්‍යවේදීන් හිටපු ජනාධිපතිවරයාගෙන් මෙහිදී ප‍්‍රශ්න කළා.

"ඒක ඒ වෙලාවට බලමු පෙරළිය. පෙරලිය ගැන කියන්න ගියොත් පෙරළියට පෙර සූදානම් වෙනවා අනිත් අය. පෙරළන වෙලාව කියන්න නරකයි. කොයි වෙලාවේ හරි පෙරළෙයි."