Sunday, May 5, 2024

General line - 0115112241

අමෙරිකා හා දකුණු කොරියා හමුදා ප්‍රධානීන් වැදගත් සාකච්ඡාවක් අරඹයි

පවිත්‍රා මදුහර්ෂණි - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




ඉදිරියේදී සිදු කරන ඒකාබද්ධ හමුදා අභ්‍යාසයන් සම්බන්ධයෙන් අමෙරිකාව සහ දකුණු කොරියාව සාකච්ඡා සිදු කර තිබෙනවා. විදෙස් වාර්තා පැවසුවේ දෙරටේ ආරක්ෂක ප‍්‍රධානීන් එම සාකච්ඡා සඳහා සහභාගී වී ඇති බවයි.

ඉකුත් දා පැවැති අමෙරිකානු උතුරු කොරියානු ඓතිහාසික සමුළුවේදී දකුණු කොරියාව සමග සිදු කරන යුධ අභ්‍යාසයන් අත්හිටුවන බවට ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් ප‍්‍රකාශ කළා. ඒ අනුව දකුණු කොරියාවේ රැුඳී සිටින අමෙරිකානු හමුදා භටයින් හා හමුදා කඳවුරු සම්බන්ධයෙන් ඉදිරියේදී ගනු ලබන කි‍්‍රයාමාර්ග පිළිබඳ අමෙරිකාව සහ දකුණු කොරියාව දීර්ඝ ලෙස සාකච්ඡා සිදු කරමින් සිටින බවයි විදෙස් වාර්තා පැවසුවේ.