Sunday, January 5, 2025

General line - 0115112241

ඥාණසාර හිමිගේ චීවරය රැකගන්න විමල්ගේ පක්ෂය ඉදිරියට එයි

තරංග රුක්ෂාන් ජයසේකර




සිර දඬුවම් නියමවූ පූජ්‍ය ගලබොඩඅත්තේ ඥාණසාර හිමියන් සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට තවත් ඉල්ලීමක් ඉදිරිපත් වී තිබෙනවා. ඒ, ජාතික නිදහස් පෙරමුණෙන්. එමගින් ඉල්ලා ඇත්තේ ඥාණසාර හිමියන් තම දඬුවම ගෙවා නිමවන තුරු උන්වහන්සේගේ චීවරය ගැලවීමට ඉඩ නොදෙන ලෙස බන්ධනාගාර නිලධාරීන්ට නියෝග කරන ලෙසයි.

බුද්ධ චීවරයේ ගෞවරය රැකිමට වහාම පියවර ගන්නා ලෙසටයි ජාතික නිදහස් පෙරමුණ ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත්තේ. සිරකරුවන් ඇඳිය යුතු ජම්පරය ප‍්‍රතික්ෂේප කළ ඥාණසාර හිමියන් මේ වනවිට අඳනයට ඉහළින් සුුදු රෙද්දක් පොරවා ගෙන සිටින බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ.  

මේ අතර ඥාණසාර හිමියන්ට ජනාධිපති සමාව ලබා දෙන ලෙසට සිංහල රාවය සංවිධානය ද ඉල්ලීමක් කර තිබුණා. උන්වහන්සේ නිදෝස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා බොදු බල සේනා සංවිධානය අභියාචනයක් ඉදිරිපත් කළේ ද ඒ අතරතුරයි. 

මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැළිගොඩ අතුරුදන් කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් වූ නඩුවකට පැමිණි ඔහුගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැළිගොඩට අධිකරණ භූමියේදී බැන තර්ජනය කිරීමේ සිද්ධියට ඥාණසාර හිමියන්ට සිර දඬුවම් නියම කෙරුණා.