Wednesday, May 1, 2024

General line - 0115112241

මහේල සහ මුරලිගේ පාරේ යමින් කී‍්‍රඩා ඇමතිගේ ඉල්ලීම මහානාමත් ඉවත දමයි

තරංග රුක්ෂාන් ජයසේකර




කි‍්‍රකට් දියුණු කිරීමට උපදේශකවරයෙකු ලෙස එක්වන්නැයි කී‍්‍රඩා අමාත්‍යවරයා කළ ඉල්ලීම හිටපු කි‍්‍රකට් නායක රොෂාන් මහානාම ද ප‍්‍රතික්ෂේප කර තිබෙනවා. ලිපියක් යොමු කරමින් ඔහු පවසන්නේ මේ වනවිට ශී‍්‍ර ලංකාවේ කි‍්‍රකට් ක්ෂේත‍්‍රය තුළ ගැටලූ රැසක් පවතින බවයි. 

අදාළ ගැටලූ සම්බන්ධයෙන් අවංකව සහ විනිවිදභාවයකින් යුතුව කටයුතු කිරීම ඉතා වැදගත් කොට සලකන බවද රොෂාන් මහානාම සිය ලිපිය මගින් පවසා තිබෙනවා. 

කි‍්‍රකට් කි‍්‍රඩාව නගා සිටුවීම සඳහා ඕනෑම අවස්ථාවක සිය සහයෝගය පළ කිරීමට සූදානම් නමුත් දේශපාලන අතපෙවීම් සහ තවත් ගැටලූ පවතින මෙවැනි අවස්ථාවක එම කාර්යයට එක්වීමට තමන්ට නොහැකි බවද රොෂාන් මහානාම සිය ලිපියෙන් අමාත්‍යවරයා වෙත වැඩිදුරටත් දන්වා තිබෙනවා.

අමාත්‍යවරයා කළ ඉල්ලීම මීට පෙර හිටපු කි‍්‍රඩකයින් වන මහේල ජයවර්ධන හා මුත්තයියා මුරලිදරන් ද ප‍්‍රතික්ෂේප කර තිබුණා. ට්විටර් සටහනකින් මහේල පවසා තිබුණේ ශී‍්‍ර ලංකා කි‍්‍රකට් හි වත්මන් ක‍්‍රමවේදය පිළිබඳ තමාට කිසිඳු විශ්වාසයක් නොමැති බවයි. කි‍්‍රකට් ආයතනය තමාව පාවිච්චි කිරීමට කළ වංක හා කපටි උත්සහයක් ලෙස තමන් මෙම ඉල්ලීම දකින බව ෆේස්බුක් සටහනකින් මුරලිදරන් ප‍්‍රකාශ කර තිබුණා.