Sunday, May 5, 2024

General line - 0115112241

ඉන්දියාවේ ජල අර්බුධයක් : මිලියන 600 කගේ ජිවිත අවධානමේ

පවිත්‍රා මධුහර්ශනී - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




ඉන්දියාව මේවනවිට එරට ඉතිහාසයේ මුහුණ දුන් දරුණුතම ජල අර්බුධයට මුහුණ පා සිටිනවා. ඒ අනුව එරට ජනගහනයෙන් මිලියන 600ක් පමණ උග‍්‍ර ජල හිගයකට මුහුණ දී සිටින බව සඳහන්. ඉන්දියාවේ ප‍්‍රාන්ත 29න් 24කම සිදු කළ සමීක්ෂණයකට අනුව ඉදිරි වසර කිහිපයේදී මෙම තත්ත්වය තවදුරටත් දරුණු වෙනු ඇතැයි අපේක්ෂිතයි. 

ඒ අනුව 2020 වනවිට ඉන්දියාවේ ප‍්‍රාන්ත 21ක භූගත ජල හිගයක් මතුවනු ඇති බවටද මේවනවිට වාර්තා පළ වනවා. 

එරට කෘෂිකර්ම ක්ෂේත‍්‍රයද 80% ක් පමණ ජල සැපයුම මත පවතින බැවින් මෙම තත්ත්වය හමුවේ ඉන්දියාවේ ආහාර සුරක්ෂිතතාවයට ද තර්ජන එල්ල වනු ඇතැයි අපේක්ෂිතයි. 

නළ ජලය සැපයීමට ඇති අපහසුතා හමුවේ වියළි කාලයේදී ඉන්දීයාවේ ග‍්‍රාමීය ප‍්‍රදේශ මෙන්ම නාගරික ප‍්‍රදේශවල පිහිටි නිවාස වලටද ජලය සැපයීමට බලධාරීන් අපොහොසත් වන බවයි පැවසෙන්නේ. ඒ හමුවේ ග‍්‍රාමීය වැසියන් රැසක් කෘෂිකර්මය සඳහා භාවිත කර ඉතිරි වන ජලය සිය අවශ්‍යතාවය වෙනුවෙන් යොදා ගැනෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. 

කෙසේවෙතත් පිරිසිදු ජල හිගය හේතුවෙන් ඉන්දියාව තුළ සෑම වසරකදිම පුද්ගලයින් 2,000 ක් පමණ මිය යන බවයි අදාළ වාර්තාව පෙන්වා දෙන්නේ.