Tuesday, January 7, 2025

General line - 0115112241

නවසීලන්ත - ශ්‍රී ලංකා පළමු එක්දින තරගයේ ශ්‍රී ලංකා මුල් කඩුලු 04 ලකුණු 23ක් තුළ බිඳ වැටෙයි




සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර පළමු එක්දින ක්‍රිකට් තරගය මේ වන විට පැවැත්වෙනවා. 

තරගය ආරම්භ වුණේ අලුයම 03.30ටයි. 

කාසිය වාසිය දිනූ නවසීලන්ත කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළා. 

ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම මීට නොබෝ වේලාවකට පෙර පන්දුවාර 38ක් අවසානයේ කඩුලු 07ක් දැවී රැස්කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 158ක්. 

තරගයේ ආරම්භයේ සිටම ශ්‍රී ලංකා පිතිකරුවන්ට දැඩි පීඩනයක් එල්ල කළ නවසීලන්ත පන්දු යවන්නන් ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් කඩුලු 04 ලකුණු 23ක් තුළදී බිඳ හෙලුවා. 

එහිදී පැතුම් නිස්සංක ලකුණු 09කට දැවී ගිය අතර කුසල් මෙන්ඩිස් ලකුණු 02කට දැවී ගියා. 

නායක චරිත් අසලංක ලකුණු නොලබා දැවී ගිය අතර කමිඳු මෙන්ඩිස් ලකුණු 03ක් ලබා සිටියදී දැවී ගියා. 

ඉන් අනතුරුව සිටියට එක් වූ ජනිත් ලියනගේ, ආරම්භ පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු සමඟ එක්වී 05 වන කඩුල්ල සඳහා ලකුණු 87ක සබඳතාවක් පැවැත් වුවා. 

අවිශ්ක ප්‍රානාන්දු පන්දු 63ක් තුළ ලකුණු 56ක් ලබා සිටියදී දැවී ගිය අතර ජනිත් ලියනගේ ලකුණු ලකුණු 36ක් ලබා සිටියදී දැවී ගියා.
 

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පළමු වරට ජාත්‍යන්තර එක්දින වරම් දිනා ගැනීමට වේග පන්දු යවන ක්‍රීඩක ඒෂාන් මාලිංගට අද අවස්ථාව හිමි වුණා.