මීගමුව, කොච්චිකඬේ ඒත්තුකාල ප්‍රදේශයේදි මුහුදේ දිය නෑමට ගොස් අතුරුදන්වූ ළමුන් දෙදෙනා සොයා තවදුරටත් මෙහෙයුම් කි‍්‍රයාත්මකයි. ප්‍රදේශවාසීන් සහ පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන් ඊට එක්ව සිටිනවා.
ඒත්තුකාල ප්‍රදේශයේ පිහිටි හෝටලයක් පිටුපස මුහුදේ දිය නෑම සඳහා අද (15) උදෑසන ළමුන් 05 දෙනෙකු ගොස් තිබුණා. ඔවුන්ගෙන් සිව් දෙනෙකු මුහුදේ දිය නාමින් සිට ඇති අතර ඉන් දෙදෙනෙකුයි මෙලෙස අතුරුදන්ව ඇත්තේ. මෙම සිසුන් එම ප්‍රදේශයේම පිහිටි පාසලක 11 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන බවද පොලීසිය පැවසුවා.