කතරගම කිරිවෙහෙර විහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මින්ද හිමියන්ට වෙඩි තැබූ අවස්ථාවේදීම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට නොහැකි වීම සම්බන්ධයෙන් පරික්ෂණයක් කි‍්‍රයාත්මක බව පොලීසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මේ බව කියා සිටියේ කොළඹ අද (15) පැවැති මාධ්‍ය හමුවකදීයි. දැනට හඳුනාගෙන ඇති වෙඩි තැබීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු පිළිබඳව ද එහිදී කරුණු හෙළි කළා.
වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ කතරගම කිරිවෙහෙර විහාරාධිපති හිමියන් කොළඹ පෞද්ගලික රෝහලක තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටිනවා. උන්වහන්සේගේ තත්ත්වය මේවනවිට සුව අතට හැරෙමින් ඇති බවයි ප්‍රකාශ කෙරුණේ.