Saturday, April 27, 2024

General line - 0115112241

ස්ත්‍රී දූෂණයට වරදකරුවී වසර පහළවක් සැඟවසිටි අයෙක් අත්අඩංගුවට

රාහුල් සමන්ත හෙට්ටිආරච්චි - හම්බන්තොට




ස්ත්‍රී දුෂණයකට හා මුදල් අනර්ථයක් සම්බන්ධයෙන් අධිකරණයෙන් වරදකරු වී වසර 04 ට බරපතල වැඩ සහිතව සිර ඳඩුවම් නියමවී අධිකරණයෙන් සහ පොලිසියෙන් වසර 15 කට අධික කාලයක් වසන්වී සිටි පුද්ගලයෙකු හුංගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ පානමුල්ල ආරච්චිලාගේ තිලකරත්න නැමති වයස අවුරුදු 55 ක පමණ අයෙකු වන අතර අදාල පුද්ගලයා විසින් 1990 වසරේදී හුංගම පොලිස් වසමේ රන්න, කට්ටකඩුව ප්‍රදේශයේදී ස්ත්‍රී දුෂණයක් සිදුකිරීම හා රුපියල් 13650ක මුදල් අනර්ථයක් සිදුකිරීම සම්බන්ධයෙන් හම්බන්තොට අධිකරණයේ නඩු විභාග වීමෙන් පසු 1999 වර්ෂයේදී බරපතල වැඩ සහිත හිරදඬුවමකට ලක්වී සිටියදී අදාළ සැකකරු විසින් තංගල්ල මහ අධිකරණය තුල අභියාචනාවක් ගොනු කර පසුව එය විභාග වනතෙක් ඇප මත නිදහස් වී තිබෙනවා.

කෙසේනමුත් 2003 වර්ෂයේදී පමණ තංගල්ල මහාධිකරණය මගින්ද එම අභියාචනය විභාග කිරීමෙන් අනතුරුව හම්බන්තොට මහ අධිකරණයෙන් ලබා දුන් දඬුවම එලෙසම ක්‍රියාත්මක කරන ලෙස නියෝග කර තිබේ . එතැන් පටන් වරදකරුවූ අදාල පුද්ගලයා විවිධ ප්‍රදේශ තුල සැඟව සිට පසුව මහනුවර ප්‍රදේශයේ විවාහක කාන්තාවක් සමග විවාහ වී වවුනියාව බෝගස්වැව ප්‍රද්ශයේ පදිංචිව සිට ඇත. ඒ අතරතුර මහනුවර ප්‍රදේශයට පැමිණෙමින් සිටි අදාළ පුද්ගලයා සම්බන්ධයෙන් හුංගම පොලිසිය මගින් කරගෙන පරීක්ෂණ අනුව තොරතුරු හෙළිවී ඇති අතර ඒ අනුව පසුගිය 18 වනදා මහනුවර මහ රෝහලට සායනික ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙමින් සිටියදී හුංගම පොලියේ නිලධාරින් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අදාළ පුද්ගලයා තංගල්ල මහ අධිකරණයට ඉදිරිපත්කිරීමට නියමිත අතර මෙම වැටලීම හම්බන්තොට මාතර දිසාව බාර නියෝජ්‍ය පොලිස් පති විජිත ගුණරත්නගේ හා තංගල්ල කොට්ටාශ භාර පොලිස් අධිකාරි ලක්සිරි ගීතාල්ගේ උපදෙස් මත හුංගම පොලිසියේ ස්ථානාධිපති පො .ප .එස් .බි .සි .ප්‍රනාන්දු ගේ මෙහෙය වීමෙන් පො .සැ , 23248 ආනන්ද , 6566 වික්‍රමනායක . පො ,කෝ . 45112 බන්දුල , සි ,ආ ,බා , 11049 අමිල යන නිලධාරීන් විසින් සිදුකර කර තිබෙනවා.