Saturday, April 27, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාව චීනයෙන් ඩොලර් බිලියන 8ක් ණය අරන්




පසුගිය වසර 12ක කාලසීමාව තුළදී ශී‍්‍ර ලංකාව, චීනයෙන් අමෙරිකානු ඩොලර් බිලියන 8.2ක් පමණ ණය ලෙස ලබා ගෙන ඇතැයි මුදල් අමාත්‍යාංශයේ වාර්තාවක් අනාවරණ කරනවා. ඒ අනුව 2005 වසරේ සිට 2017 වසර දක්වා අවස්ථා ගණනාවකදී ශී‍්‍ර ලංකාව මෙලෙස චීනයෙන් ණය ලබා ගෙන ඇති බවයි එම වාර්තාවේ දැක්වෙන්නේ.

අධිවේගී මාර්ග, විදුලි බලාගාර හා අනෙකුත් මහා පරිමාණ ව්‍යාපෘති පාදක කර ගනිමින් අදාල ණය ගනුදෙනු සිදු කර ඇත්තේ ‘‘චයිනා ඩිවලොප්මන්ට් බෑන්ක් කෝපරේෂන්’’ සහ ‘‘එක්ස්පෝට් ඉම්පෝට් බෑන්ක් ඔෆ් චයිනා යන බැංකු හරහායි. 
එලෙස ලබා ගත් ණය මුදල් වලින් රුපියල් බිලියන 188ක් හම්බන්තොට වරාය ව්‍යාපෘතියටත්, රුපියල් බිලියන 72ක මුදලක් පුත්තලම ගල් අගුරු බලාගාර ව්‍යාපෘති සඳහාත් යොදවා ඇති බවයි එම වාර්තාවේ දැක්වෙන්නේ. 

ඊට අමතරව මොරගහකන්ද , මත්තල ගුවන් තොටුපළ හා කොළඹ කටුනායක අධිවේගී මාර්ග ව්‍යාපෘතිය ඇතුළු තවත් ව්‍යාපෘති ගණනාවක් සඳහා එම මුදල් යොදවා ඇති බවද එම වාර්තාවේ වැඩිදුරටත් දැක්වෙනවා.

ඊට අමතරව වත්මන් රජය යටතේ කි‍්‍රයාත්මක වන දකුණු අධිවේගී මාර්ග ව්‍යාපෘතිය සහ පහත දුම්බර ඒකාබද්ධ ජල ව්‍යාපෘති සඳහාද මෙම ණය මුදල් යොදවා ඇති බව එම වාර්තාවේ සඳහන්.