Saturday, May 4, 2024

General line - 0115112241

විශාලත්වයෙන් 2 වැනි "වෙස්ටා 4" ග්‍රාහකය පෘථිවිය ආසන්නයට : පියවි ඇසින් දැකීමට අවස්ථාවක් (PHOTOS)

දිනුක් හේවාවිතාරණ - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




සෞරග්‍රහ මණ්ඩලයේ පිහිටි විශාලත්වයෙන් දෙවැනි ග්‍රාහකයක් මේ දිනවල පියවී ඇසට දැක ගැනීමට පෘථිවියේ උතුරු හා දකුණු අර්ධගෝලයේ වෙසෙන ජනතාවට මේ වන විට අවස්ථාව උදාවී ඇති බව නාසා ආයතනය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය විසින් වාර්තා කර සිටිනවා.

" වෙස්ටා 4" ලෙස නම් කර තිබෙන මෙම ග්‍රාහකය මේ වන විට පෘථිවියට සැතපුම් මිලියන 106 ක් තිබෙන අතර එය පෘථිවි කක්ෂයට ඇතුල් වීමේ ඉඩකඩක් නැති බැවින් අනියත බියක් ඇතිකර නොගන්නා මෙන් නාසා ආයතනය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

පෘථිවියේ උතුරු හා දකුණු අර්ධගෝලයේ සිට අහස නිරීක්ෂණය කිරීමේදී අගහරු, සෙනසුරු සහ Sagittarius තාරකාවට ආසන්නයේ කහ පැහැයෙන් යුත් දීප්තිමත් එළියකින් යුක්තව "වෙස්ටා 4" නම් මෙම ග්‍රාහකය පියවි ඇසින් දැක ගැනීමට හැකියාව තිබෙනවා.

ඩයිනොසිරයන් විනාශ කරමින් පෘථිවියය ඇඳ වැටුණු ගඋල්කාපාතය මෙන් 50 ගුණයක විශාලත්වයෙන් හෙඹි මෙම "වෙස්ටා 4" ග්‍රාහකයේ විශාලත්වය වර්ග සැතපුම් 310 ක් පමණ වන බවයි නාසා ආයතනය සඳහන් කරන්නේ.

"වෙස්ටා 4" ග්‍රාහකය අවසන් වරට පෘථිවි වැසියන්ට පියවි ඇසින් දැකීමට හැකිවුයේ 2011 වසරේදී. නමුත පසුගිය වසර 20 ක කාලය තුලදී මෙම ග්‍රාහකය පෘථිවියට ආසන්න වී ඇති බවට වාර්තා වනවා.

ලබන ජුලි 16 දක්වා "වෙස්ටා 4" ග්‍රාහකය පියවි ඇසින් දැකීමට හැකියාව ඇති බවයි නාසා ආයතනය සඳහන් කරන්නේ.