Friday, May 3, 2024

General line - 0115112241

හැරීගේ බිරිඳ මහ රැජිණට ප්‍රසිද්ධියේ අගෞරව කළ හැටි (PHOTO/VIDEO)

දිනුක් හේවාවිතාරණ - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




හැරී කුමරුගේ බිරිඳ වන මේගන් මාර්කල් කුමරිය දෙවන එලිසබෙත් මහ රැජිණට අගෞරව වන අයුරින් හැසිරී ඇති බව බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කරනවා. ඒ ඇය අසුන් ගෙන සිටි ආකාරයෙන් බ්‍රිතාන්‍ය රාජකීයත්වයට නොගැලපෙන බවයි එම වාර්තා වලින් වැඩිදුරටත් සඳහන් වන්නේ.

බකිංහැම් මාලිගයේදී ඊයේ (27) පැවති උත්සවයකදී ඇය මෙලෙස හැසිරී ඇති බවට සඳහන්. ඒ නවක නායකයින් පිළිගනිම සඳහා සුදානම් කර තිබු උත්සවයක් සඳහා දෙවන එලිසබෙත් මහ රැජිණ සහභාගිවී සිටි ඇති අතර ඒ සඳහා හැරී කුමරු සහ මේගන් කුමරියද සහභාගිවී තිබෙනවා. මහ රැජිණට යාබද ආසනයේ අසුන් ගෙන සිටි මේගන් කුමරිය සිය පාදයක් මත අනෙක් පාදය තබාගෙන අසුන් ගෙන  සිටි ආකාරයයි මෙලෙස දෝෂදර්ශනයට ලක්ව ඇත්තේ.

රාජකීය පවුලේ කාන්තාවන් මහජනතාව සහභාගිවන උත්සව වලදී ඇදිය යුතු ඇඳුම් හිස්වැසුම් මෙන්ම හැසිරිය යුතු ආකාරය ගැන නීති මාළාවක් හා සම්ප්‍රදායක් පවතිනවා. සම්ප්‍රදායට අනුව රාජකීය කාන්තාවක් අසුන් ගැනීමේදී සිය පාදයේ වළලුකර මතින් අනෙක් පාදයේ වළලුකර හරස් වන අයුරින් අසුන් ගැනීම නිවැරදි ක්‍රමය වනවා.

නමුත් මේගන් කුමරිය මේ වන විට අවස්ථා දෙකකදී එම සම්ප්‍රදාය කඩකරමින් කටයුතු කර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.