හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට අදාළව ද නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත පසුගිය දා පළ කළ වාර්තාවට පිළිබඳ එම පුවත්පත අද (03) නිවේදනයක් නිකුත් කළා. එහි දැක්වෙන්නේ පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් පිරිසක් විසින් පසුගියදා පැවැත්වූ මාධ්‍ය හමුවකදී, අදාළ වාර්තාව පළ කිරීමේදී සහය දැක්වූ මාධ්‍යවේදීන් දෙදෙනෙකුට ප‍්‍රසිද්ධියේ චෝදනා එල්ල කර ඇති බවයි.
එය මාධ්‍යවේදින් විසින් කිසිසේත් අපේක්ෂා නොකළ තත්ත්වයක් බවත්, ඒ හරහා මාධ්‍ය නිදහස උල්ලංඝණය කිරීමක් සිදුව ඇති බවත් එම පුවත්පත පවසා තිබෙනවා. ඒ අනුව මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට මෙරට බලධාරීන් කටයුතු කරනු ඇතැයි බලාපොරොත්තු වන බවයි ද නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පත පවසන්නේ.
එසේම අදාළ වාර්තාව සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හට යම් ගැටලූකාරීත්වයක් වේනම් එම පුවත්පතේ සංස්කාරකවරුන් සම්බන්ධ කර ගැනීමට හැකියාව පවතින බවත් නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පත වැඩිදුරටත් සඳහන් කළා.