Wednesday, May 15, 2024

General line - 0115112241

මහින්ද ශ්‍රී ලනිප මහ පුටුව ඉල්ලන නඩුව යළි කැඳවේ




ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරය යළි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ලබාදෙන්නැයි ඉල්ලා පවරා තිබූ නඩුවක් නිෂ්ප‍්‍රභ කරමින් කොළඹ දිසා අධිකරණය ලබාදුන් තීන්දුවකට එරෙහිව ගොනු කරන ලද පෙත්සමක් අභියාචනාධිකරණයේදී අද කැඳවනු ලැබුවා.

වගඋත්තරකාර පාර්ශවයන්ට කරුණු ඉදිරිපත් කිරීම සඳහා නඩුව ලබන 20 වනදා නැවත කැඳවීමටයි එහිදී නියෝග කෙරුණේ. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු පාර්ශව කිහිපයක් වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබෙනවා.