Thursday, May 16, 2024

General line - 0115112241

අධ්‍යාපන ඇමතිට නඩු




දේශපාලන පලිගැනීම්වලට ලක්වූවන්ට බව පවසමින් සේවා ව්‍යවස්ථාවන්ට පටහැනිව අධ්‍යාපන පරිපාලන සේවයේ පත්වීම් ලබාදීමේ තීරණය අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (05) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොණු කෙරුණා. ඒ, ශී‍්‍ර ලංකා අධ්‍යාපන පරිපාලන සේවා වෘත්තිය සමිතිය සහ එහි ලේකම් ප‍්‍රභාත් විතානගේ විසින්.

අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් සුනිල් හෙට්ටිආරච්චි ඇතුළු පාර්ශව 14 ක් මෙම පෙත්සමෙන් වගඋත්තරකරුවන් ලෙස නම්කර තිබෙනවා. අදාළ පත්වීම් මගින් අධ්‍යාපන පරිපාලන සේවයේ ගුණාත්මක භාවයට හානි වන බවටයි මෙමගින් කරුණු දක්වා ඇත්තේ. ඒ අනුව සේවා ව්‍යස්ථාවට පටහැනි සියළු පත්වීම් වළක්වාලන ලෙස  ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.