Friday, May 3, 2024

General line - 0115112241

ගුහාවක් තුළ සිරවී සිටින තායි පාපන්දු කි‍්‍රඩකයින්ගෙන් සංවේදී ලිපියක්

පවිත්‍රා මදුහර්ෂණි - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




සති දෙකකට ආසන්න කාලයක් තායිලන්තයේ ගුහාවක් තුළ සිරවී සිටින පාපන්දු කි‍්‍රඩකයින් 12දෙනා සිය මවුපියන් වෙත සංවේදී ලිපියක් එවා තිබෙනවා. විදෙස් වාර්තා පැවසුවේ මුදා ගැනිමේ මෙහෙයුමේ නිරත වී සිටින කිමිඳුම්කරුවන් හරහා ඔවුන් මෙම ලිපිය එවා ඇති බවයි. 

සියලූ දෙනා ශක්තිමත්ව හොඳින් සිටින බවත්, කණගාටු නොවන ලෙසත් එක් එක් සිසුවා විසින් අදාළ ලිපිය මගින් මවුපියන් වෙත දන්වා එවා තිබෙනවා. 

ළමුන් විසින් සිය මවුපියන් වෙත යොමු කළ තවත් සංවේදී සටහන් කිහිපයක්ද එම ලිපියේ දැක්වෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. මේ අතර ළමුන් සමග සිරවී සිටින ඔවුන්ගේ පුහුණුකරු, සිදුවීම සම්බන්ධයෙන් ළමුන්ගේ මවුපියන්ගෙන් සමාව අයැද ඇති බවද විදෙස් මාධ්‍ය පැවසුවා.