පස්සර මඩොල්සිම මැටිගහතැන්න මාර්ගයේ කිලෝමීටර් විසිනමය කණුව අසල ඉහළින් හා පහළින් විශාල නායාමක් සිදුව තිබෙනවා.
ඒ හේතුවෙන්, මාර්ගය එම ස්ථානයෙන් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බවයි බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ.
එම ස්ථානයේ කළ ස්ථාන පරීක්ෂාවකින් අනතුරුව එම මාර්ගය තාවකාලිකව වසා දැමීමට නිර්දේශ කළ බවද ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පවසනවා.
මේ හේතුවෙන් ජනතාවට ගමනාගමනය සඳහා විකල්ප මාර්ග භාවිත කිරීමට සිදුවන බවයි එම ආයතනය පවසන්නේ.
මෙවර වර්ෂාවත් සමග මාර්ගයකට සිදුවූ විශාලතම ආපදාව මෙය බවයි මාර්ග සංවර්ධන අධිකාරියේ බදුල්ල විධායක ඉංජිනේරුවරයා වැඩිදුරටත් සඳහන් කළේ.