Sunday, December 22, 2024

General line - 0115112241

විජයකලාට එරෙහි වූ ඒකාබද්ධයේ මන්ති‍්‍රවරයෙකුට විනය පරික්ෂණ

කසුන් කැලුම්




හිටපු රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් ලන්ඩන් නුවර බලා පිටත්ව යාමට සූදානම් වන පුවත පිළිබඳ අද (09) පැවැති මාධ්‍ය හමු කිහිපයකදි අදහස් පළ වුණා. මේ ශී‍්‍ර ලංකා පොදු ජන පෙරමුණ අද කැඳවූ මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ති‍්‍ර රෝහිත අබේගුණවර්ධන.

මෙහිදී මන්ත්‍රිවරයා කියා සිටියේ විජයකලා මහේෂ්වරන් මන්ත්‍රිවරිය සිදුකළ භයානක ප්‍රකාශයෙන් පසු ඇයට සිය දරුවන් සමග ලන්ඩන් බලා යාමට ඉඩදීම ගැටළු සහගත බවයි. මෙවැනි ප්‍රකාශයක් දකුණේ කෙනෙක් සිදුකලා නම් එහි තත්ත්වය හාත්පසින්ම වෙනස් බවයි.

හිටපු රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන්ගේ ප‍්‍රකාශයට එරෙහිව පාර්ලිමේන්තුවේදි විරෝධතා පළ කළ මන්තී‍්‍ර ප‍්‍රසන්න රණවීරට එරෙහිව කාරක සභාව ඉදිරියේ විනය පරික්ෂණයක් කැඳවා තිබෙනවා. මෙය කැකිල්ලේ නඩු තීන්දුවක් බවයි රෝහිත අබේගුණවර්ධන මන්ති‍්‍රවරයා මෙහිද ප‍්‍රකාශ කළේ.

ආණ්ඩුව ගෙන යන අදුරදර්ශී වැඩපිළිවෙලට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය ලබන බදාදා සීනිගම දේවාලයේදී දේව කන්නලව්වක නිරත බවයි රෝහිත අබේගුණවර්ධන මන්ති‍්‍රවරයා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ.