Thursday, May 9, 2024

General line - 0115112241

කරාපිටිය රෝහලේ හෘද සැත්කම් නතර වීමේ පුවත ගැන සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නිවේදනයක්




ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ හෘද සැත්කම් නවතා ඇති බවට පළවූ පුවත් පත් වාර්තා සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම රෝහලේ හෘද ශල්‍ය දැඩි සත්කාර ඒකකයේ මධ්‍යම වායු සමීකරණ පද්ධතිය අකී‍්‍රය වීම හේතුවෙන් ලබන සඳුදා (16) සිට හෘද සැත්කම් නතර කෙරෙන බවටයි අදාළ වාර්තා පළව තිබුණේ. 

එම වායු සමීකරණ පද්ධතිය අලූත්වැඩියා කිරීම සඳහා ඉදිරිපත්ව ඇති ටෙන්ඩර් මිල ගණන් සීමාවෙන් ඔබ්බට යාම හේතුවෙන් රජයේ නීති රීති අනුව එය සෞඛ්‍ය අමාත්‍යාංශයේ ටෙන්ඩර් මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා නිකුත් කළ නිවේදනයේ සඳහන්. ඒ අනුව ඉදිරි දින කිහිපය තුළදී වායු සමීකරණ පද්ධතිය අලූත්වැඩියා කිරීමට අවශ්‍ය කි‍්‍රයාමාර්ග ගන්නා බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ. 

වායු සමීකරණ පද්ධතිය අලූත්වැඩියා කිරීම ප‍්‍රමාද වන්නේ නම් පමණක් ශල්‍ය කර්ම නතර කිරීමට සිදුවන බවද එහි වැඩිදුරටත් දැක්වෙනවා. 
කරාපිටිය ශික්ෂණ රෝහලේ හෘද සැත්කම් සිදු කර ගැනීම සඳහා පොරොත්තු ලේඛණයේ සිටින රෝගීන් ගණන තුන් දහසක් පමණ වන බවයි වාර්තා වන්නේ.