Monday, December 23, 2024

General line - 0115112241

ආණ්ඩුවට එක්වන්නේ නැහැ - පාර්ලිමේන්තු මන්ත්‍රි චන්දිම වීරක්කොඩි




ආණ්ඩුව සමග යලි එක්වීමේ කිසිඳු අපේක්ෂාවක් නොමැති බව ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ 16යේ කණ්ඩායම පවසනවා. නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී පාර්ලිමේන්තු මන්ති‍්‍ර චන්දිම විරක්කොඩි මේ බව කියා සිටියා. 


කෙසේවෙතත් අමාත්‍ය සරත් අමුණුගම ඊයේ (13) මහනුවරදී ප‍්‍රකාශ කළේ 16යේ කණ්ඩායමේ කිහිපදෙනෙකු ආණ්ඩුව සමග යළි එක්වීමේ සූදානමකින් සිටින බවයි. 

මේ අතර 16යේ කණ්ඩායම රට පුරා පැවැත්වීමට සැලසුම් කළ සම්මන්ත‍්‍රණ මාලාව නතර කෙරෙන බවට පළවන වාර්තා සම්බන්ධයෙන්ද නෙත් නිවුස් පාර්ලිමේන්තු මන්තී‍්‍ර චන්දිම වීරක්කොඩිගෙන් විමසා සිටියා.