Thursday, May 9, 2024

General line - 0115112241

පැල්වත්ත සීනි සමාගම උක් අස්වැන්න මිලට නොගනී

ජයන්ත වීරසේකර 




පැල්වත්ත සීනි කර්මාන්ත ආයතනයට සිය අස්වනු මිළදී නොගැනීම නිසා එම ප‍්‍රදේශයේ උක් ගොවීන් පීඩාවට පත්ව සිටිනවා. කපන ලද උක් පැටවූ ට‍්‍රැක්ටර් රථ 400 ක් පමණ ඉකුත් දින කිහිපයේදීම පැලවත්ත සීනි කර්මාන්ත ආයතනය අසල නවතා තිබෙන බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

පැල්වත්ත සීනි කර්මාන්ත ආයතනය විසින් සිය අස්වනු මිළට ගන්නේ ඇතැම්විට අස්වනු කපා පටවා දින 5කට පමණ පසුව බව ගොවීන් කියාසිටියා.