Thursday, May 9, 2024

General line - 0115112241

බන්ධනාගාරයට ඇවිත් යන කාන්තාව මරන්න හැදූ 5දෙනා රඳවාගෙන ප්‍රශ්න කෙරේ




වැලිකඩ බන්ධනාගාරයට පැමිණ ආපසු යමින් සිටි කාන්තාවක් ඝාතනය කිරීමට තැත් කළේ යැයි සැකපිට ඊයේ අත්අඩංගුවට ගැණුනු පස් දෙනෙකු ලබන 20 වනදා දක්වා තවදුරටත් රදවාගෙන ප‍්‍රශ්න කිරීමට පොලීසියට අද අවසර ලැබුණා. ඒ, කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණයෙන් කරන ලද ඉල්ලීමකට අනුවයි.

මෙම සැකකරුවන් හෙරොයින් සහ අත්බෝම්බයක්ද සමග ඊයේ අත්අඩංගුවට ගැණුනා. වැඩිදුර ප‍්‍රශ්න කිරීම් සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය මගින් සිදු කෙරුණු ඇති.