Thursday, May 9, 2024

General line - 0115112241

කාලගුණය යළි වෙනස්වෙයි!




දිවයිනේ නිරිත දිග කොටසේ හෙට සිට වැසි යළිත් වැඩිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම යන පළාත්වලත්, ගාල්ල සහ මාතර යන දිස්ති‍්‍රක්කවලත් වැසි අපේක්‍ෂා කරන බවයි කාලගුණ අනාවැකියේ දැක්වෙන්නේ. දිවයින හරහා වරින්වර ප‍්‍රහාරාත්මක සුළඟද තවදුරටත් ඇතිවීමට ඉඩකඩ තිබෙනවා. මෙම ප‍්‍රහාරාත්මක සුළගේ වේගය පැයට කිලෝමීටර 50 ක් හෝ 60 ක් විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසුවේ.