Thursday, May 9, 2024

General line - 0115112241

මරණ දඬුවම එපා! මත්ද්‍රව්‍ය ජාවාරම මඩින්න විසඳුම් මෙන්න! මානව හිමිකම් කොමිසම ජනපතිට ලිපියක් යවයි (සම්පූර්ණ ලිපිය මෙන්න)

ඩිල්ෂාන් මඩවල




මත්ද්‍රව්‍ය වැරදිවලට මරණ දඩුවම නියමවී බන්ධනාගාරගතවද තවදුරටත් එවැනි වැරදි සිදුකරන්නන් සදහා මරණ දඩුවම කි‍්‍රයාත්මක කිරීමට ජනාධිපතිවරයා ඉකුත්දා ගත් තීරණය සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව කණස්සල්ල පළ කරනවා. ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් එහි සභාපති ආචාර්ය දීපිකා උඩගම පෙන්වා දෙන්නේ මරණ දඩුවම ක‍්‍රියාත්මක කිරීමෙන් මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීමට නොහැකි බවයි. 

මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීම සදහා ජාවාරම්කරුවන් කාර්යක්‍ෂම ලෙස නීතියේ රැහැනට හසුකර ගැනීමටත් වරදේ ස්වභාවයට අනුව වෙනත් බරපතල දඩුවම් නියම කිරීමටත් කටයුතු කළයුතු බවද මෙම ලිපියෙන් පෙන්වා දී තිබෙනවා. බන්ධනාගාරගත තැනැත්තන් මත්ද්‍රව්‍ය වැරදි සිදුකරන්නේ නම් ඒ සදහා කළයුත්තේ නව තාක්‍ෂණ ක‍්‍රම ආදිය භාවිත කරමින් බන්ධනාගාරවල ආරක්‍ෂාව ශක්තිමත් කිරීම බවයි එහි වැඩිදුරටත් සදහන් වන්නේ.

මත්ද්‍රව්‍ය ජාවාරම මෙතරම් ප‍්‍රබල ලෙස ව්‍යාප්තවීමට හේතුව දේශපාලන සබදතා සහ නීතිය කි‍්‍රයාත්මක කිරීමේ යම් අංශවලින් ලැබෙන සහාය බවද මෙම ලිපියෙන් සිහිපත් කර තිබෙනවා. ඒ අනුව එවැනි දුර්වලතා නිවැරදි කිරීමටද කටයුතු කළයුතු බවයි අවධාරණය කෙරෙන්නේ.

මරණ දඩුවම යනු කි‍්‍රයාත්මක කළයුතු දණ්ඩනයක් නොව අහෝසි කලයුතු දණ්ඩනයක් බවට තමන් මීට පෙරද සවිස්තරාත්මකව නිර්දේශ කර ඇතැයි ශී‍්‍ර ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පවසනවා. ඒ අනුව මරණ දඩුවම නැවත කි‍්‍රයාත්මක කිරීමට ගත් තීරණය ඉවත් කර ගන්නා ලෙසයි ඔවුන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ.