Thursday, May 9, 2024

General line - 0115112241

බස්සපු ගෑස් නග්ගයි?

ඩිල්ෂාන් මඩවල




ගෑස් මිළ ඉහළ නැංවීමට අවසර ලබාදෙන්නැයි සමාගම් ඉල්ලීමක් කර තිබෙනවා. ඉකුත්දා රැස් වූ ජීවන වියදම් කමිටුවේද ඒ පිළිබද සාකච්ඡුා වී ඇති බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ. ඉකුත් මස 29 වනදා සිට ගෑස් මිළ අඩු කෙරුණා. එහෙත් ලෝක වෙළද පොලේ මිළ ගණන් හා සැසදීමේදී ගෑස් මිළ ඉහළ නැංවිය යුතු බවයි සමාගම් පෙන්වා දී ඇත්තේ. 

නෙත් නිවුස් මේ සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු අධිකාරියෙන්ද විමසීමක් කළා. ඔවුන් පැවසුවේ වාචිකව යම් අදහස් පළ වුවත් ගෑස් මිළ වැඩි කිරීමක් සදහා ලිඛිත ඉල්ලීමක් ඉදිරිපත් වී නොමැති බවයි. එවැනි ලිඛිත ඉල්ලීමක් ඉදිරිපත් වුවහොත් පමණක් ඒ පිළිබද සලකා බැලිය හැකි බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.