Thursday, May 9, 2024

General line - 0115112241

බස් හිමියන් දෙකෙන් එකක් ඉල්ලයි

හරිත පෙරේරා




තෙල් මිළ වැඩි කිරීමට සාපේක්‍ෂව මගී ප‍්‍රවාහන බස් සදහා සහනාධාර ලබා නොදෙන්නේ නම් බස් ගාස්තු වැඩි කිරීමට සිදුවන බව සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනයේ ප‍්‍රධාන ලේකම් අංජන පි‍්‍රයන්ජිත් පවසනවා. කොළඹ අද පැවැත්වූ මාධ්‍ය හමුවකදි මේ බව පැවසුවා.

තෙල් මිල වැඩි කිරීම නිසා කෙටි ගමන් සේවා බස් රථයක් මාසිකව රුපියල් 22,500 ක් පමණද දුර ගමන් සේවා බස් රථයක් මාසිකව 40,000 ක් පමණද පාඩු ලබන බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. නෙත් නිවුස් මීට පෙර කළ විමසීමකදී ප‍්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ පැවසුවේ මෙම තෙල් මිල වැඩි කිරීම නිසා ශී‍්‍ර ලංකා ගමනා ගමන මණ්ඩලය මාසිකව රුපියල් කෝටි 10 ක් පමණ පාඩු ලබන බවයි.