තෙල් සදහා අය කෙරෙන බදු අඩු කලහොත් තෙල් මිළද අඩුකළ හැකි බව විෂය භාර අමාත්‍ය අර්ජුන රණතුංග පවසනවා. එහෙත් රටේ ඉදිරි සංවර්ධන කටයුතු වෙනුවෙන් බදු අය කිරීමට සිදුවන බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. ඒ නිසා බදු ඉවත් කිරීමේ හැකියාවක් නොමැති බවද අමාත්‍යවරයා පැවසුවා.
කෙසේවෙතත් තෙල් මිළ වැනි සංවේදී විෂයන් සම්බන්ධයෙන් තීරණ ගැනීමේදී ජනතාව පැත්තෙන්ද සිතා බැලිය යුතු බවයි මෙහිදී අවධාරණය කෙරුණේ. ජනතාව නොසලකා හැර එවැනි තීරණ නොගත යුතු බවද අමාත්‍ය අර්ජුන රණතුංග පැවසුවා. ඉකුත්දා තෙල් මිළ වැඩි කිරීමෙන් පසු අමාත්‍යවරයා මාධ්‍ය වෙත ඒ පිළිබද අදහස් පළ කළ පළමු අවස්ථාවද මෙයයි.