Thursday, May 9, 2024

General line - 0115112241

16යේ කණ්ඩායම 03ට බෙදේ

හේමන්ත කහවලගේ




ආණ්ඩුවෙන් ඉවත් වූ ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ 16 දෙනාගේ කණ්ඩායම කොටස් 3 කට වෙන් වී ඇතැයි දේශපාලන ආරංචි පවසනවා.

එම කණ්ඩායමේ වැඩි පිරිසකගේ ස්ථාවරය වී ඇත්තේ කිසියම් එක් අන්තයක් නියෝජනය කළ යුතු බවයි.

ඒ අනුව ඒකාබද්ධ විපක්‍ෂය සමග එක්ව කටයුතු කළ යුතු බව ඔවුන්ගේ අදහස වී තිබෙනවා. කෙසේවෙතත් හිටපු අමාත්‍ය දයාසිරි ජයසේකරගේ ස්ථාවරය වී ඇත්තේ ඒකාබද්ධ විපක්‍ෂය සමග එක් නොවී විපක්‍ෂයේ ස්වාධීනව කටයුතු කළ යුතු බවයි.

හිටපු අමාත්‍ය එස්. බී. දිසානායක සහ හිටපු නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල තවත් වෙනස් මතයක් ඉදිරිපත් කර තිබෙනවා. මෙම බෙදීම හේතුවෙන් ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ 16 දෙනාගේ කණ්ඩායම මුලින් ආරම්භ කළ නිදහසේ හෘද සාක්‍ෂිය රැස්වීම් මාලාවද අතරමග නතර වී ඇති බවයි දේශපාලන ආරංචි වැඩිදුරටත් පැවසුවේ.