Thursday, May 9, 2024

General line - 0115112241

වෙඩි වැදුණු කිරිවෙහෙර හිමිගේ රෝහල් ගාස්තුවෙන් මිලියනයක් ගෙවයි

හේමන්ත කහවලගේ




වෙඩි වැදීමකින් තුවාල ලබා කොළඹ පෞද්ගලික රෝහලක ප‍්‍රතිකාර ලබන කතරගම කිරිවෙහෙර විහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මින්ද හිමියන්ගේ රෝහල් ගාස්තුවෙන් කොටසක් රජය විසින් පියවා තිබෙනවා.

ජනාධිපති අරමුදල යටතේ රුපියල් මිලියනයක පමණ මුදලක් මෙලෙස ගෙවා ඇති බවයි වාර්තා වන්නේ. රෝහල් ගාස්තුවේ ඉතිරි කොටසද පියවන බවට ජනාධිපති කාර්යාලයෙන් දැනුම්දීමක් කර ඇතැයිද වාර්තා වුණා. 

නෙත් නිවුස් මීට පෙර අනාවරණ කළේ පූජ්‍ය කොබවක ධම්මින්ද හිමියන්ගේ රෝහල් ගාස්තුව ගෙවන බවට රජය පොරොන්දුවක් ලබා දී තිබුණත් ඉකුත් 8 වැනිදා දක්වාම ඊට ප‍්‍රතිචාරයක් ලැබී නොතිබූ බවයි.

ඒ වනවිට උන්වහන්සේගේ රෝහල් ගාස්තුව රුපියල් මිලියන 3 කට ආසන්න වී තිබු බවද එහිදී අනාවරණ කෙරුණා. පසුව නෙත් නිවුස් ඒ පිළිබඳ බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණී ජයවික‍්‍රම පෙරේරාගෙන්ද විමසීමක් කළ අතර ඔහු පැවසුවේ ඒ පිළිබඳ කැබිනට් රැස්වීමේදී ජනාධිපතිවරයාගෙන් විමසා සිටින බවයි.

නෙත් නිවුස් නැවත වරක් බුද්ධ ශාසන අමාත්‍යවරයාගෙන් ඒ පිළිබඳ විමසා සිටි අතර ජනාධිපතිවරයාගේ උපදෙස් මත කඩිනමින් අදාළ රෝහල් ගාස්තු ගෙවා දමන බව එහිදී ඔහු කියාසිටියා.