Thursday, May 9, 2024

General line - 0115112241

'නෙත්' නවතම වැඩසටහන ‘‘සොභා සුරක්ෂා’’ අද සිට




නෙත් එෆ්. එම්. රේඩියෝවේ නවතම වැඩසටහන වන ‘‘සොභා සුරක්ෂා’’ වැඩසටහන අද (15) සිට ආරම්භ වනවා.

අද සිට සෑම ඉරුදිනකම දහවල් 12.30 සිට පස්වරු 01.30 දක්වා මෙම වැඩසටහන ප‍්‍රචාරය කෙරෙනු ඇති.

වාරිමාර්ග හා ජල කළමනාකරණ සහ ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ දේශගුණික අවබලපෑම් අවම කිිරීමේ ව්‍යාපෘතිය සමග එක්ව මෙම වැඩසටහන ඉදිරිපත් කෙරෙනවා. මෙම වැඩසටහනේ ඇති වැදගත්කම පිළිබඳව විෂය භාර අමාත්‍ය දුමින්ද දිසානායක මෙලෙස අදහස් පළ කළා.

"මේ වැඩසටහන හරහා කෙරෙන්නේ වෙන්න තියෙන බලපෑම් අවම කර ගැනීම සඳහා අරමුණු කර ගැනීම. උදාහරණයක් හැටියට ගෙදර වත්තේ ගහක් කඩා වැටෙන්න ඔන්න මෙන්න තියෙනවා නම් ඒක ඉවත් කරන්න කවුරුත් කියනකම් ඉන්න ඕනේ නෑ. ඒක තමන්ට තේරෙන්න ඕනේ. ඒ සූදානම අපිට තිබුණා නම් අපිට බොහෝ හානි අවම කර ගන්න පුළුවන්. මේ වැඩසටහන හා සම්බන්ධවීමෙන් ඒ පිළිබඳ විශාල අවබෝධයක් ඔබට ලැබෙයි."