නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අදාළ දළ කෙටුම්පතක් ලබන බදාදා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
දැනට ඉදිරිපත්ව ඇති ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ මෙහෙයුම් කමිටුවේ අතුරු වාර්තාව සහ අනුකමිටු හයේ වාර්තා පදනම් කරගෙන එය සකස් කර තිබෙනවා.
ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා කමිටුවේ සාමාජික පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආචාර්ය ජයම්පති වික‍්‍රමරත්න කියා සිටියේ නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් මෙතෙක් සාකච්ඡා කළ කරුණුවලට අදාළව මෙම දළ කෙටුම්පත සකස් කර ඇති බවයි.
ඒ සඳහා විවිධ දේශපාලන පක්ෂවල අදහස් පිළිබඳ සටහනක් ද ඇතුළත් කර තිබෙනවා. මෙම දළ කෙටුම්පත ඉදිරි සාකච්ඡා සඳහා පදනම් කර ගන්නා ලියවිල්ලක් පමණක් බවයි මන්ත‍්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේ.