Monday, December 23, 2024

General line - 0115112241

දින 05ක් තිස්සේ නියෝජ්‍ය ඇමති කළ ක්‍රියාව ගැන පොලිසියට උත්තර දෙන්න වෙයි

හේමන්ත කහවලගේ




මතුගම බුලත්සිංහල මාර්ගය වසා ඉකුත්දා සිදු කෙරුණු විරෝධතාව සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුමගෙන් ප‍්‍රකාශයක් ලබා ගැනීමට පොලිසිය සූදානම් වනවා.

ඒ පිළිබඳ පොලිස් මූලස්ථානය කළුතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාට දැනුම් දී ඇතැයි සඳහන්.

මතුගම - බුලත්සිංහල මාර්ගය දින 05ක් වරින් වර වසා දමමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මෙලෙස විරෝධතාවයේ නිරත වුණා.

ඒ, සිය ආධාරකරුවන් පිරිසකට පහරදුන් සැකකරුවන් අත්අඩංගුවට නොගැනීමට විරෝධය පළ කරමින්.