Monday, December 23, 2024

General line - 0115112241

බැසිල්ට අවසර

අධිකරණ වාර්තාකරු




මාස තුනක කාලයක් අමෙරිකා එක්සත් ජනපදයේ රැඳී සිටීමට හිටපු ආර්ථික සංවර්ධන ඇමති බැසිල් රාජපක්ෂට අද (16) කොළඹ මහාධිකරණය අවසර ලබා දුන්නා.

වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා මෙලෙස විදේශගත වීමට අවසර ලබා දී තිබෙනවා. 

ඒ අනුව අගෝස්තු මස 10 වැනි දා සිට නොවැම්බර් මස 10 වැනි දා තෙක් අමෙරිකා එක්සත් ජනපදයේ වෛද්‍ය ප්‍රතිකාර ගැනීම සඳහා බැසිල් රාජපක්ෂට මහාධිකරණ විනිසුරු ඒ.ඒ.ආර් .හෙයියන්තුඩුව අවසර ලබා දුන්නා.

දිවි නැගුම සංවර්ධන දෙපාර්තුමේන්තුවේ රුපියල් මිලියන 36 කට අධික මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයේ පවතින නඩුවක් සම්බන්ධයෙන් බැසිල් රාජපක්ෂ විදේශ ගමන් තහනමට ලක්ව තිබෙනවා.

ඉදිරි නඩු කටයුතු සඳහා බැසිල් රාජපක්ෂ නොමැතිව නීතිඥවරයෙකු මාර්ගයෙන් නියෝජනය කරන්නේනම් බැසිල් රාජපක්ෂ විදේශ ගත වීම සම්බන්ධයෙන් විරෝධය පල නොකරන බව නීතිපතිවරයා දන්වා සිටියා.

පසුගිය ජනාධිපතිවරණය සමයේදී දිවි නැගුම සංවර්ධන දෙපාර්තුමේන්තුවේ මුදල් රුපියල් මිලියන 36 ට අධික මුදලක් වැය කරමින් GI බට මිල දී ගෙන පළාත් පාලන ආයතන වෙත බෙදාහැරියේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් බැසිල් රාජපක්ෂ චෝදනා ලැබ සිටිනවා.