Monday, December 23, 2024

General line - 0115112241

නව ස්ථානීය දඩ ගැන මානව හිමිකම් කොමිසම වෙත පැමිණිල්ලක්

තරංග රුක්ෂාන්/ සජිත් තිලකරත්න




රථ වාහන සඳහා අය කරන නව ස්ථානීය දඩ මුදලට එරෙහිව ප‍්‍රවාහන සංගම් මානව හිමිකම් කොමිසම වෙත අද (16) පැමිණිල්ලක් ඉදිරිපත් කළා.

ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සහ සමස්ත ලංකා යතුරුපැදිකරුවන්ගේ සංගමය ඇතුළු සංවිධාන කිහිපයක් එක්වයි මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත්තේ.

ඊට හේතු පැහැදිලි කරන ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පෙන්වා දුන්නේ ජනතාව මෙම නව දඩ අයකිරීම් පිළිබඳව නිවරැදිව දැනුවත් වනතෙක් එය අය කිරීම සදාචාර සම්පන්න නොමැති බවයි.

රථ වාහන වැරදි 33ක් සඳහා වන, නව ස්ථානීය දඩ ඊයේ (15) සිට ක‍්‍රියත්මකයි.