ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ප‍්‍රසන්න රණවීර අද (16) පෙරවරුවේ පාර්ලිමේන්තු වරප‍්‍රසාද කමිටුව හමුවේ පෙනී සිටියා.
ඒ, හිටපු රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් සිදු කළ ආන්දෝලනාත්මක ප‍්‍රකාශයට අදාළව පාර්ලිමේන්තුවේදී ඇතිවූ උණුසුම් තත්ත්වය පාදක කරගනිමින්.
වරප‍්‍රසාද කමිටුව හමුවේ පෙනී සිටීමෙන් පසු පාර්ලිමේන්තු මන්ත‍්‍රී ප‍්‍රසන්න රණවීර නෙත් නිවුස් වෙත මෙලෙස අදහස් පළ කළා.
"මට වීඩියෝවක් පෙන්නලා ඒක ගැන මට කියන්න තියෙන්නේ මොනාද කියලා ඇහුවා. මම මගේ පිළිතුරු ලබා දුන්නා. දැන් මාව ගෙන්නලා ප්‍රශ්න කළා. හැබැයි ඊට වැඩිය ලොකු ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කළ විජයකලාට මුකුත් නෑ."
පාර්ලිමේන්තු මන්ත්‍රිවරයා සඳහන් කළේ අදාළ කමිටුවේ සභාපතිවරයා ලෙස තිලක් මාරපන අමාත්‍යවරයා, සාමාජිකයන් ලෙස සුසිල් ප්‍රේමජයන්ත්, ඩග්ලස් දේවානන්ද, අනුර කුමාර දිසානායක නියෝජනය කළ බවයි.
විජයකලා මහේෂ්වරන් සිදු කළ ප‍්‍රකාශයට විරෝධය පළ කරමින් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත‍්‍රීවරුන් ඉකුත්දා පාර්ලිමේන්තු සභා ගර්භයේ මැදට පැමිණ විරෝධතාවයේ නිරත වුණා. එහිදී සෙංකෝලය පැහැර ගැනීමට උත්සහ දැරූ බවටයි ප‍්‍රසන්න රණවීර මන්ත‍්‍රීවරයාට චෝදනා එල්ල වී තිබුණේ.