මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් වැරදිකරුවන් වන පුද්ගලයින් සඳහා මරණ දඬුවම කි‍්‍රයාත්මක කිරීමට රජය ගත් තීරණයට යුරෝපා සංගමය ඇතුලූ රටවල් කිහිපයක් විරෝධය පළ කර තිබෙනවා.
ප‍්‍රංශය, ජර්මනිය, ඉතාලිය, නෙදර්ලන්තය, රුමේනියාව සහ නෝර්වේ යන රටවල මෙරට පිහිටි තානාපති කාර්යාල සහ බි‍්‍රතාන්‍ය සහ කැනඩාව යන රටවල මෙරට පිහිටි මහ කොමසාරිස් කාර්යාල එක්ව නිකුත් කළ ඒකාබද්ධ නිවේදනයක මේ බව සඳහන්.
අදාළ තීරණය සම්බන්ධයෙන් කරුණු පැහැදිළි කර ගැනීම සඳහා ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා වෙත ලිපියක් යොමු කළ බවද යුරෝපා සංගමය නිකුත් කළ නිවේදනයක සඳහන්.